මියන්මාර හමුදාවට එරෙහිව අවිදරා සිටින ස්නයිපර් තුවක්කුකාරිය

මියන්මාර හමුදාවට එරෙහිව අවිදරා සිටින ස්නයිපර් තුවක්කුකාරිය
Published

තන්දාර් මෝ යනු මියන්මාරයේ නැගෙනහිර කරෙනි ප්‍රාන්තයේ කැරලි කණ්ඩායමකට අයත් කාන්තා ස්නයිපර්වරියකි. 2021 වර්ෂයේ දී කුමන්ත්‍රණයකින් හමුදාව එරට බලය අල්ලා ගන්නා තෙක් ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වූවාය.

පසුව ඇය හමුදාවට එරෙහිව සටන් වදින කැරලි කණ්ඩායමකට සම්බන්ධ වූ නමුත් කාන්තාවන්ට සටන් බිමට යෑමට අවසර ලැබුණේ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකාවන් ලෙස පමණි.

මියන්මාර හමුදාවට එරෙහිව පෙරමුණ ගෙන සිටින කාන්තා ස්නයිපර් තුවක්කුකරුවන් කිහිප දෙනා අතුරින් තන්දාර් ද තුවක්කුකාරියකි.