ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අපේ නිෂ්පාදන මහපොළවට එකතු වුණහම ගස් පැළ වෙනවා.'
'අපේ නිෂ්පාදන මහපොළවට එකතු වුණහම ගස් පැළ වෙනවා.'
Published
පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි කාන්තාවන්ට වැඩි අවධානයක් යොමු කිරීම තුළින් ආර්ථික වාසියක් ලබා ගැනීමට මෙන්ම පරිසර සංරක්ෂණයට දායක වීමට හැකි බව නිලුකා ප්‍රියදර්ශනී පවසන්නීය.
සැමියාගේ වියෝවෙන් පසු ඇය සිය දියණියන් දෙදෙනා සමග එක්ව පරිසර හිතකාමී නිෂ්පාදන වෙළඳපොළට සපයන්නීය.
''අපේ නිෂ්පාදන මහපොළවට එකතු වුණහම ගස් පැළ වෙනවා. ඉවත දමන දේවල්වලට අගය එකතු කරලා නැවත වෙළඳපොළට නිකුත් කරන එක තමයි අපි කරන්නේ. මං වගේම අසරණ වෙච්ච කාන්තාවෝ මේ සමාජයේ ගොඩක් ඉන්නවා. ඔයාලා අසරණයි කියලා හිතන්න එපා.'' යනුවෙන් ඇය BBC සිංහල සේවයට පැවසුවාය.